Lanka Focus News

කෙරවලපිටියේ ගෑස් ලොරි සහ ඉන්ධන බවුසර් පෙරළෙයි ?

කෙරවලපිටියේ ගෑස් ලොරි සහ ඉන්ධන බවුසර් පෙරළෙයි ?




කෙරවලපිටිය කර්මාන්ත කලාපයේ අධිවේගී පිවිසුමේ සිට ඇලකන්ද – උස්වැටකෙයියාව මාර්ගයේ පිවිසුම දක්වා දිවෙන කිලෝමීටරයකට අධික දුරකින් යුත් මාර්ගය දැඩි අබලන් තත්වයක පවතින බවට වාර්තා වේ.

දිනපතා මෙම මාර්ගව හරහා ගෑස් සහ ඉන්ධන ප්‍රවාහන කිරිමට බරවාහන 1000 කට අධික ප්‍රමාණයක් ගමන් කරන අතර, එවැනි බරවාහන පෙරලීමට පවා ඉඩ ඇති තරමට එම මාර්ගය අබලන් වී ඇති බවට වාර්තා වේ. බොහෝ කලකින් පළිසකර නොකරන ලද මෙම මාර්ගයේ දැනට අඩි එකහමාරකට වඩා ගැඹුරු ආවාට සෑදී ඇති බැවින් මෙහි ගමන්ගන්නා වාහන පැදවීම දැඩි අසීරු කාර්යක් බව රියදුරන් පවසයි.

කෙරවලපිටිය මුතුරාජවෙල කර්මාන්ත කලාපය කුල දැනට ඉන්ධන සහ ගෑස් ප්‍රවාහනයට අමතරව තවත් කර්මාන්තශාලා 6 කට අධික ප්‍රමාණයක ප්‍රවාහන කටයුතු මෙම මාර්ගය භාවිතා කරමින් සිදු කරන අතර, දිනපතා මෙම මාර්ගය හරහා මෙලෙස අපරීක්ෂාකාරී ලෙස ගමන් ගැනීමට සිදුව ඇති ගෑස් සහ ඉන්ධන ප්‍රවාහන රථ යම්කිසි අනතුරකට භාජනය වුවහොත් ගිණි නිවන රථ කොළඹින් හෝ කටුනායකින් පැමිණෙන තෙක් ගිණි නිවීමේ හැකියාවක් පවා නොමැති තත්වයක පවතියී.




administrator

Related Articles