Lanka Focus News

කුරුණෑගල කොරෝනා රෝගීන් ගෙවල්වල

කුරුණෑගල කොරෝනා රෝගීන් ගෙවල්වල

කොරෝනා ව්‍යාප්තිය පැත්තෙන් ශ්‍රීලංකාව ඉන්දියාවේ තත්වයට කිට්ටු වෙමින් තිබෙන බවත් කුරුණෑගල අපේ පැත්තේ කොරෝනා රෝගීන් බොහෝ දෙනෙකු සිටින්නේ ගෙවල්වල බවත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී ඊයේ (4 )පැවසීය.

වෛද්‍ය උපදෙස් අනුව රජය නිසි පරිදි කටයුතු නොකළහොත් රට අවාසනාවන්ත තත්වයට පත්වීම වැළැක්විය නොහැකි යැයි කී මන්ත්‍රීවරයා කොරෝනාවට මුවාවී රජය දේශපාලනය නොකළ යුතු යැයි ද ප්‍රකාශ කළේය.

අලවතුවල මහතා මෙසේ පැවසුවේ කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.

අප කොවිඩ්වලට මුවා වී දේශපාලන වාසි නොගන්නා බවත් විපක්ෂනායකවරයා දැනටමත් එන්නත් ලබා ගැනීමට රජයට සහය දක්වා ඇති බවත් අලවතුවල මහතා කීවේය.

රජය කොරෝනා පාලනයට මෙයට වඩා කැපවිය යුතු යැයි ද එවැන්නක් දැනට පෙනෙන්නේ නැතැයි ද ඔහු කීය.

රටේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය නිලධාරීන් අද අසරණව සිටින බවද එම නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම වැදගත් බවද බවද මන්ත්‍රීවරයා පැවසීය.

administrator

    Related Articles

    Close
    shares