Lanka Focus News

කින්නියා ධවල ධජයෙන් වැසීයයි

කින්නියා ධවල ධජයෙන් වැසීයයි

ත්‍රිකුණාමලය කින්නියා කුරුඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරළීමෙන් සිදු වූ අවාසනාවන්ත සිදුවීමට ශෝකය පළකරමින් අද (25) එම ප්‍රදේශයේ වෙළෙඳසැල් වසා සුදු කොඩි ඔසවා තිබෙනු දක්නට ලැබුණි.

අප වාර්තාකරුවන් පැවසුවේ, කින්නියා ප්‍රදේශයේ බොහෝ පාසල් වල අධ්‍යාපන කටයුතු සිදුනොකළ බවයි. බොහෝ දරුවන් පාසල් ගොස් නොතිබූ බවද වාර්තා වෙයි.

මේ අතර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අනතුරින් තුවාල ලැබු දරුවන්ගේ සුවදුක් බැලීමට රෝහල වෙත ගොස් තිබුණාය.

පාලම් පාරු අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඊයේ (24) රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

අදාළ සැකකරුවන් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 8 වන දින දක්වා රක්ෂිත බනධනාගාර ගත කළ යුතු බවට නියෝග කර තිබේ.

ත්‍රිකුණාමලය කින්නියා කලපුවේ පෙරේදා උදෑසන සිදුවු පාලම් පාරු අනතුරෙන් කුඩා දරුවන් සිව්දෙනෙකු ඇතුළු හය දෙනෙකු මියගිය අතර තවත් 20 දෙනෙකු තුවාල ලැබීය.

administrator

    Related Articles

    Close
    shares