Lanka Focus News

කාණු ඇතුළේ තිබුණු භාණ්ඩ

කාණු ඇතුළේ තිබුණු භාණ්ඩ

වැසි ජලය ගලා බසින කාණු පද්ධතියක් තුල ජාතික හැදුනුම්පත් කිහිපයක් සහ මුදල් පසුම්බි කිහිපයක් තිබී අද (17) දින සොයා ගැනුණා.

ඒ හැටන් නගරය මධ්‍යයේ ඇති කාණු පද්ධතියකයි.

වැසි ජලය ගලා බසින කාණු පද්ධතියට නගරයේ ඇතැම් වෙළදසැල්වල වැසිකිලි මලපහ පද්ධතිය ඉතා සුක්ෂම ලෙස බැහැර කර ඇති බවට හැටන් දික්ඔය නගර සභාවට ලද පැමිණිලි කිහිපයක් මත නගර සභාවේ සේවකයින් විසින් කාණු පද්ධතිය ගලවා පරික්ෂා කිරිමේදී එම සේවකයින්ට ජාතික හැදුනුම්පත් හයක් , ATM කාඩ් පත් දෙකක් සහ මුදල් පසුම්බි කිහිපයක් මෙලෙස සොයා ගැනීමට හැකි වුණා.

ඒ හැටන්, බගවන්තලාව , මස්කෙලිය , කොටගල , තලවකැලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ගේ හැදැනුම්පත් බවට හැටන් පොලිසිය විසින් දැනට හදුනාගෙන ඇත්තේ.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares