Lanka Focus News

කළුකොඩි එසවීම ගැන අගමැතිගේ ප්‍රතිචාරය

කළුකොඩි එසවීම ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර සුහද හමුවක් ඊයේ (14) පැවැත්වුණි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ ඉතාලියේ බොලොඤ්ඤා හිදී මෙම හමුව පැවැත්වූ බවය.

අගමැතිවරයා ඉතාලියට පැමිණි අවස්ථාවේදී පිරිසක් කළුකොඩි එසවීමේ සිද්ධිය ගැන සඳහන් කරමින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහන් කළේ එම ක්‍රියාව NGO සල්ලි බලයට කරන ක්‍රියාවක් බවය.

එහිදී අගමැතිවරයා සඳහන් කළේ, “නෑ..මට ඉතින් ඕක පුරුදුයි. එච්චර ගාණක් නෑ,” යනුවෙනි.

administrator

    Related Articles

    Close
    shares