Lanka Focus News

කලාකරුවන්ට වෛද්‍ය රක්ෂණාවරණයක්

කලාකරුවන්ට වෛද්‍ය රක්ෂණාවරණයක්

කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණාවරණයක් හඳුන්වාදීමේ පළමු අදියර ක්‍රියාත්මක කරමින්, රක්ෂණාවරණය ලබාදීම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් කර තිබේ.

මෙම රක්ෂණාවරණය, සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා ටවර් හෝල් රඟහල පදනමේ සභාපති වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය හා උපදෙස් මත සිදුකෙරෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ජාතික උරුමය ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි ටවර් හෝල් රඟහල පදනම විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම “ප්‍රේක්ෂා රක්ෂණ” ක්‍රමය ඔස්සේ සුදුසුකම් සපිරූ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය, නාට්‍ය නිෂ්පාදනය, රංගනය, අංග රචනය, පසුතල නිර්මාණය, රංගාලෝකය, රංග වින්‍යාසය, රංග වස්ත්‍ර නිර්මාණය, නාට්‍ය සංගීතය, වේදිකා කළමනාකරණය යන අංශවල නියුතු වයස අවුරුදු 35-75 අතර නාට්‍යවේදීන්ට ලබාදෙනු ඇත.

මෙම රක්ෂණාවරණය සඳහා රක්ෂණලාභීන්ගෙන් කිසිදු මුදලක් අය නොකරණ අතර, නාට්‍ය ක්ෂේත්‍රය තුළ ලබා ඇති ප්‍රවීනතාවය සහ ජ්‍යෙෂ්ඨත්වය අනුව ප්‍රමුඛතාව ලබාදෙයි.

ජාතික මට්ටමේ සම්මාන හිමි කරගනිමින්, අයඳුම් කරන දිනට ආසන්න වශයෙන් වසර 05ක් සක්‍රීයව නාට්‍ය ක්ෂේත්‍රයේ නියුතු අයට සහ අයදුම් කරන දිනට ආසන්න වශයෙන් වසර 10කට නොඅඩු කාලයක් නාට්‍ය ක්ෂේත්‍රයේ නියුතු අයට මෙම රක්ෂණාවරණය සඳහා දායක විය හැකිය.

“ප්‍රේක්ෂා රක්ෂණාවරණය” සඳහා අයදුම්පත් www.towerhall.lk වෙඩ් අඩවියෙන් බාගත හැකි අතර, තම අයදුම්පත් 2020 දෙසැම්බර් 11වන දිනට පෙර අධ්‍යක්ෂ ජනරාල්, ටවර් හෝල් රඟහල පදනම, අංක 123, සව්සිරිපාය, විජේරාම මාවත, කොළඹ 07 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

administrator

    Related Articles

    Close
    shares