Lanka Focus News

කබ්රාල් වැඩ භාරගැනීම අද ?

කබ්රාල් වැඩ භාරගැනීම අද ?

මෙරට 16 වන මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) වැඩ භාරගැනීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කරනු ලැබීය.

ප්‍රවීණ වරලත් ගණකාධීකාරීවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා අමාත්‍යංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 9කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

වත්මන් රජයේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු පසුගියදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

administrator

    Related Articles

    Close
    shares