Lanka Focus News

කන්ගනාගේ ප්‍රකාශයකට දසතින් විරෝධය

කන්ගනාගේ ප්‍රකාශයකට දසතින් විරෝධය

සුරූපි නිළියකගේ ප්‍රකාශය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමාජ මාධ්‍ය තැබූ සටහන

ඉන්දියාව නිදහස ලැබීම සම්බන්ධයෙන් ප්‍රකට බොලිවුඩ් රංගන ශිල්පිනී කන්ගනා රනවුට් සිදු කළ ප්‍රකාශයකට ඉන්දියානුවන් බහුතරයකගේ විරෝධය එල්ල වෙමින් තිබේ.

ඈ සඳහන් කර තිබෙන්නේ 1947 වසරේදී ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් ලැබුවද නියම නිදහස ලැබුවේ 2014 වසරේදී බවයි. ඈ සිය ප්‍රකාශයෙන් අදහස් කර තිබෙන්නේ 2014 වසරේ පැවැති මහා මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදි ජයග්‍රහණය කිරීමය.

කන්ගනා රනවුට් භාරතීය ජනතා පාක්ෂිකයකු වන අතර ඈ නරේන්ද්‍ර මෝදිට බෙහෙවින් සහාය පළකරන්නියකි.

නිදහස් අරගලයට පණ දුන් විරුවන්ට කන්ගනාගේ ප්‍රකාශයෙන් අපහාසයක් සිදුව ඇතැයි සමහරු චෝදනා නගති.
එසේ වුවත් සමහර සමාජ මාධ්‍ය පරිශීලකයෝ ඇයට සහාය පළකරමින් පණිවුඩ හුවමාරු කරමින්ද සිටිති. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය සඳහන් කර තිබුණේ ඇගේ ප්‍රකාශය සංවේදී නොවන ප්‍රකාශයක් වශයෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද් ශර්මා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් කියා ඇත්තේ ඇගේ ප්‍රකාශයෙන් කම්පනයක් ඇති කරන බවකි. එසේම එය සාහසික ප්‍රකාශයක් ලෙසද ඔහු හඳුන්වා දී තිබිණ.

Shocking and outrageous. Ms Kangana Ranaut’s statement heaping insult on the courageous freedom fighters led by Mahatma Gandhi, Nehru and Sardar Patel but also belittling the sacrifices of revolutionaries like Sardar Bhagat Singh, Chandrashekar Azad and several others.

— Anand Sharma (@AnandSharmaINC) November 11, 2021

administrator

    Related Articles

    Close
    shares