Lanka Focus News

ඕමන්තේ වෙඩි තැබීමක්

ඕමන්තේ වෙඩි තැබීමක්

ඕමන්ත පොලිස් වසමේ අරසමුරිප්පු ප්‍රදේශයේ දී ඥාතියෙකු විසින් එල්ල කළ වෙඩි පහරකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (10) රාත්‍රී 10.30ට පමණ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මාමා විසින් සිදුකළ වෙඩි තැබීමෙන් 29 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, තුවාල ලැබු පුද්ගලයා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීම සිදුකළ 46 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද (11) වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares