Lanka Focus News

ඕක්ලන්ඩ් යළි විවෘත කෙරේ

ඕක්ලන්ඩ් යළි විවෘත කෙරේ

දින 107ක් වසා දමා තිබූ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය නැවත විවෘත කර තිබේ.

සීඝ්‍ර ඩෙල්ටා ව්‍යාප්තිය සලකා ඕක්ලන්ඩ් නගරය දින 107ක කාලයක් වසා දමා තිබුණි.

නගරය ක්‍රමයෙන් විවෘත කිරීම යටතේ එන්නත් ලබාගත් පිරිස් වෙත පොදුස්ථාන වෙත පිවිසීමේ අවස්ථාව ලබාදීමට බලධාරීන් පියවර ගත්තේය.

එමෙන්ම අවන්හල් සහ රාත්‍රී සමාජ ශාලාද යළි විවෘත කිරීමට තීරණය කෙරුණි.

කොවිඩ් ව්‍යාප්තිය සහ එන්නත්කරණය මත පදනම්ව, කොවිඩ් අවදානම පවතින සහ අවදානම නොමැති කලාප ලකුණු කිරීමේ ක්‍රමවේදයක්ද රට විවෘතකිරීමේ සැලසුමට අනුව සකස් කර තිබේ.

එම ක්‍රමවේදය මත පදනම්ව මුඛ ආවරණ පැලඳීම සහ සමාජ දුරස්ථකරණ සීමා අනුගමනය කිරීම සම්බන්ධයෙන් වන උපදෙස් නිකුත්කිරීම රජයේ අපේක්ෂාව විය.

administrator

Related Articles