Lanka Focus News

ඔස්ට්‍රේලියානු ටෙස්ට් නායකයා තනතුරින් ඉල්ලා අස්වෙයි

ඔස්ට්‍රේලියානු ටෙස්ට් නායකයා තනතුරින් ඉල්ලා අස්වෙයි

එළඹෙන දෙසැම්බර් 08 වනදා එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට සූදානම් වෙමින් සිටින මොහොතේ ඇතිවූ සිද්ධියෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් අතර ඇතිව ඇත්තේ ව්‍යාකූල බවකි.

කණ්ඩායමට යුහුසුළුව නායකයෙක් නම් කරන බව ඔවුන් පැවසීය.

පසුගියදා පළවූ මාධ්‍ය වාර්තාවක පෙයින් ගේ නම සඳහන් වී තිබුණි.

36 හැවිරිදි පෙයින් අද (19) මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ තමා නායකත්වයෙන් ඉවත් වන බවත් නමුත් ටෙස්ට් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස අවස්ථාව ලැබෙතැයි බලාපොරොත්තු වන බවය.

එම සිදුවීම 2017දී පළමුව වාර්තා වූ අතර එහිදී ඔස්ට්‍රේලියා සහ ටැස්මේනියා ක්‍රිකට් බලධාරීන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව ඔහුට එරෙහි චෝදනා ඉවත දැමිණි.

administrator

    Related Articles

    Close
    shares