පළමුවරට කොවිඩ් ආසාදිතයින් හමුවී ඇති බව පවසමින් උතුරු කොරියානු බලධාරීන් විසින් එරට දැඩි සංචරණ සීමා පනවා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
එරට රාජ්‍ය මාධ්‍ය පැවසුවේ පියොන්යෑන් අගනුවර ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පැතිරෙමින් ඇති බවය.
වෛරස පාලනයට අවශ්‍ය කඩිනම් පියවර පියවර ගන්නා ජනාධිපති කිම් ජොන්ග් අන් විසින් එරට සෞඛ්‍ය අංශ වෙත නියෝග කර තිබේ.
නමුත් එරට තුළ කොරෝනා ආසාදිතයින් මීට පෙරත් සිටින්නට ඇතැයි විදෙස් මාධ්‍ය අනුමාන කරයි.
උතුරු කොරියාවේ මිලියන 25ක පමණ ජනගහනයක් ජීවත්වන අතර කොවිඩ් එන්නත් ලබාගැනීම එරට ප්‍රතික්ෂේප කළේය.