Lanka Focus News

එස් පී බාලසුබ්‍රමනියම් ට කොරෝනා

එස් පී බාලසුබ්‍රමනියම් ට කොරෝනා

ඉන්දියාවේ ප්‍රවීණ ගායකයෙකු වන එස් පී බාලසුබ්‍රමනියම් ට කොරෝනා වෛරසය වැළඳී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

“මට උණ සහ පපුවේ අමාරුවක් දැනුනා. ඊට පස්සේ මම කොවිඩ් -19 පරීක්ෂණයට භාජනය වුණා. එකෙන් තහවුරු වුණා මට කොරෝනා කියලා,” ඔහු රෝහලේ සිට නිකුත් කළ වීඩියෝවක දැක්වේ.

වෛද්‍යවරු ඔහුට පවසා ඇත්තේ නිවසේ සිට ස්වයං නිරෝධායනයට ලක් වෙමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි. නමුත් ඔහු චෙන්නායි නුවර පිහිටි පුද්ගලික රෝහලකට ඇතුළු වී තිබේ.

administrator

Related Articles