ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඔහු මීට පෙර පැවසුවේ සිය රටේ ජනතාව උනන්දු කිරීම සඳහා කොවිඩ් එන්නත පළමුව ලබාගත් බවය. ඒ මීට මාස දෙකකට පමණ පෙරය.
ආර්ජන්ටිනා ජනාධිපතිවරයා ඒ අනුව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත ලබාගෙන තිබුණි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් 62 හැවිරිදි ජනාධිපතිවරයා පැවසුවේ උණ සහ හිසේ කැක්කුම ඇතිවීම හේතුවෙන් රැපිඩ් අන්ටිජන් සහ PCR පරීක්ෂණ සඳහා මුහුණදුන් විට ආසාදිතයෙක් බවට තහවුරු වූ බවය.