එක්සත් ජාතික පක්ෂයට සමගි ජන බලවේගය පක්ෂය හානි කිරීමට තැත්කරන බවට මහාධිකරණය තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය පිළිබඳ අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේ රඹුක්කන පැවැති ජනහමුවකදීය.
එවැනි හානියක් සිදු වෙනවා නම් එයින් පක්ෂය ආරක්ෂාකර ගැනීම තම වගකීම බවද ඒ මහතා පැවසීය.
පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කළ සෑම දෙනාටම ලිපි යවා ඇති බවත් අද (29) දිනයේ දී එම නම් ප්‍රසිද්ධ කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.