Lanka Focus News

එංගලන්ත කණ්ඩායම ඉදිරියෙන්

එංගලන්ත කණ්ඩායම ඉදිරියෙන්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද (26) වේ.

එංගලන්තයේ මැන්චෙස්ටර් හිදී පැවැත්වෙන මෙම තරගයේ දෙවෙනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින එංගලන්ත කණ්ඩායම කිසිවෙකුත් නොදැවී මීට සුළු මොහොතකට පෙර ලකුණු 10ක් ලබා ගත්තේය.

පළමු ඉනිමේදී එංගලන්ත කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 369ක් ලබා ගෙන සිටි අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 197ක් ලබා ගත්තේය.

එම කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ ජේසන් හෝල්ඩර් හත්වන කඩුල්ල ලෙස ලකුණු 46 කට දැවී ගියේය.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares