Lanka Focus News

එංගලන්තයේ සිටින සරණාගතයින් රුවන්ඩාවට

එංගලන්තයේ සිටින සරණාගතයින් රුවන්ඩාවට

එක්සත් රාජධානියේ සරණාගතභාවය ඉල්ලූ පුද්ගලයින් පිරිසක් රුවන්ඩාවට ගෙනයෑමට සැලසුම්කළ පළමු ගුවන්ගමන අවසාන මොහොතේ අත්හිටුවීමට එක්සත් රාජධානියේ බලධාරීන් ට සිදුවී තිබේ.

අවසාන මොහොතේ එම තීරණය වෙනස් කෙරුණේ “මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය” කළ මැදිහත්වීමක් හේතුවෙනි.

“සියලුම සංක්‍රමණිකයින් ව ගුවන්යානයෙන් ඉවත් කළා. රුවන්ඩාවට එම ගුවන්ගමන සිදු කෙරෙන්නේ නැහැ,” බලධාරීන් නිවේදනය කළේය.    

එක්සත් රාජධානිය පසුගිය අප්‍රේල් (2022) මාසයේදී රුවන්ඩා රජය සමග එළඹුණු එකඟතාවයකට අනුව බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය අපේක්ෂාකරන සංක්‍රමණිකයින්ව රුවන්ඩාවේ පදිංචි කිරීමට තීරණය කළේය.

එසේ රුවන්ඩාවේ පදිංචිකෙරෙන පුද්ගලයින්ට, සරණාගත භාවය ලැබුණහොත් එරටම ස්ථීර පදිංචිය ලබාදෙයි.

බ්‍රිතාන්‍ය රජය පවසන්නේ මිනිස් ජාවාරම මැඩලීම සඳහා මෙම තීරණය ගත් බවය.

එසේම ජීවිත පරදුවට තබා ප්‍රංශයේ සිට එංගලන්තයට මුහුදු මාර්ගයෙන් සිදුවන නීතිවිරෝධී සංක්‍රමණ පාලනය සඳහා මෙම නව වැඩසටහන හඳුන්වා දුන් බව ද ඔවුන් පැවසීය.    

නමුත් එක්සත් රාජධානියේ මෙම තීරණයට එරෙහිව විවිධ මානව හිමිකම් කණ්ඩායම් දැඩි විරෝධය දැක්වුවද තම තීරණය වෙනස් නොකරන බව එරට බලධාරීන් පවසයි.

administrator

Related Articles