Lanka Focus News

ඊයේ හමුවූ කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

ඊයේ හමුවූ කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

මෙරටින් වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් ගණන ඊයේ (14) 3262ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 28 දෙනා ද සමග ය.

ඊයේ දිනයේ දී එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 11 දෙනෙකු ඉන්දීය ජාතික නාවිකයින් පස් දෙනෙකු බහරේන් සිට පැමිණි නාවිකයින් සිව් දෙනෙකු, බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැණුනි.

මීට අමතරව කුවේට්, කටාර් සහ වියට්නාමය වැනි රටවල සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු ද කොවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුනාගැණුනු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ වන විට කොවිඩ් ආසාදිතයින් 244 දෙනෙකු රෝහල් කිහිපයක පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

කෙසේවෙතත් දැනට හඳුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින් 3262ගෙන් 3005 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares