Lanka Focus News

ඊයේ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

ඊයේ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 121ක් ඊයේ (17) හමුවූ අතර ඉන් 06 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.

අනෙක් 115 දෙනා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඔවුන් හමු වී තිබුණි.

එම ප්‍රදේශ පහතින් දැක්වේ.

මිනුවන්ගොඩ 32ක්
කටුනායක 30ක්
දිවුලපිටිය 24ක්
බිංගිරිය 11ක්
ගම්පහ 10ක්
මතුගම 01ක්
රාගම 01ක්
ගාල්ල 01ක්
කුලියාපිටිය 01ක්
නිට්ටඹුව 01ක්
කොටිකාවත්ත 01ක්
කරාපිටිය 01ක්
කහතුඩුව 01ක්

මේ අතර මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව ආසාදිතයින් හඳුනාගැනීම සඳහා PCR පරික්ෂණ 68,000කට ආසන්න සංඛ්‍යාවක් සිදුකර ඇති බව වාර්තා වේ.

පසුගිය 03වන දා පළමු ආසාදිතයා වාර්තා වූ දිනයේ සිට ඊයේ (17) දිනය දක්වා PCR පරික්ෂණ 67,884ක් සිදුකර ඇති අතර ඉන් ආසාදිතයින් 2016 දෙනෙකු හඳුනාගෙන ඇතිබව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares