Lanka Focus News

ඉයන් බෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි

ඉයන් බෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඉයන් බෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

ඔහු ඊයේ නිල වශයෙන් ඒ බව සඳහන් කළේය.

38 හැවිරිදි ඉයන් බෙල් 2004 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් අතර එම වසරේදී ම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින වරම් ද දිනාගත්තේය.

ඒ අනුව ටෙස්ට් තරග 118ක දී එංගලන්ත පිල නියෝජනය කළ ඔහු ටෙස්ට් ලකුණු 7727ක් රැස් කර ගැනීමට සමත් වු අතර එක්දින තරග 161ක දී ඔහු රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 5416කි.

ටෙස්ට් ශතක 22ක් සහ ටෙස්ට් අර්ධ ශතක 46ක් තම නම ඉදිරියේ සටහන් කර ගත් ඉයන් බෙල් එක්දින ශතක 4ක් සහ අර්ධ ශතක 35ක් වාර්තා කර ගෙන තිබේ.

බෙල්ගේ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ හොඳම ඉනිම ලෙස 2011 වසරේ දී ඉන්දියාවට එරෙහිව වාර්තා කළ ලකුණු 235 වාර්තා අතරට එක්විය.

කෙසේ වෙතත් සිය සමුගැනීම පිළිබඳ විදෙස් මාධ්‍යට අදහස් දක්වමින් ඉයන් බෙල් සඳහන් කර තිබුණේ, ක්‍රීඩා සම්බන්ධයෙන් තමන්ට ඇති උනන්නදුව මේ වන විට ශක්තිමත්ව පැවැතිය ද කණ්ඩායමට අවශ්‍ය දේ ලබා දීමට තමන්ට නොහැකි බවය.

ඉයන් බෙල් 2015 වසරෙන් පසු මේ වන තෙක් එංගලන්ත සංචිතයට නම් කර තිබුණේ නැත.

administrator

    Related Articles

    Close
    shares