Lanka Focus News

ඉන්ධන බවුසරය ඇපයට ගනී

ඉන්ධන බවුසරය ඇපයට ගනී

පෙට්ටල් බලාපොරොත්තුවෙන් බණ්ඩාරගම නගරයේ ඉන්ධන හල අසල දින 5ක කාලයක සි‍ෙ රැඳී සිටි පිරිසක් එම මාර්ගයේ ධාවනය කළ ඉන්ධන බවුසරයක් නවතා සිය භාරයට ගෙන පැය බාගෙට ආසන්න කාලයක් රඳවා ගෙන සිටියහ.

මාර්ගය අවහිර නොවන පරිදි මෙන්ම මාර්ගය ගමන් කරන පුද්ගලයන්ට කිසිදු හිරිහැරයක් නොවන ලෙස ඔවුන් සිය විරෝධය දැක්වීමට ක්‍රියා කළහ.

එලෙසම බවුසරයේ රියදුරුට සහායකයාට වචනයකින් හෝ කිසිදු හිරිහැරයක් නොකිරීමට ඔවුන් කටයුතු කළහ.

අනතුරුව එම ස්ථානයට බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණ අද දින ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවට පොරොන්දු වීමෙන් අනතුරුව බවුසරය එම ස්ථානයෙන් පිටත් කර හැරීමට කටයුතු කළහ.

administrator

Related Articles