ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 5 දෙනෙක් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පිහිටි ආපනශාලාවක් ඇතුළට ගොස් ආහාර ගනිමින් සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමගම එම ක්‍රීඩකයින් 5 දෙනා නිරෝධායනයට යොමු කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.
එම ක්‍රීඩකයින් වන්නේ, රෝහිත් ශර්මා, රිෂාබ් පාන්ට්, ශුබ්මන් ගිල, ප්‍රිත්වී ෂෝ සහ නව්දීප් සයිනි වේ.
ඔවුන් ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ සාමාජිකයින් වන අතර ආරක්ෂක පියවරක් ලෙස ඔවුන්ව අනෙක් ක්‍රීඩකයින්ගෙන් වෙන් කර ඇත.
නමුත් ඔවුන්ට පුහුණුවීම් වෙනම කළ හැකිය.
මෙම ක්‍රීඩකයින් කොවිඩ් මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇත් ද යන්න ගැන පරීක්ෂණයක් පැවැත්වේ.
ඔස්ට්‍රේලියා – ඉන්දියා දෙවැනි ටෙස්ට් තරඟය ජනවාරි 6 ඇරඹේ.
මෙල්බර්න් නගරයේ සිටින අතරතුර ක්‍රීඩකයින්ට හෝටලයෙන් එළියට යෑමට අවසර දී තිබුණ ද ආපනශාලවලින් ආහාර ගන්නා විට ඇතුළට නොයන ලෙස උපදෙස් දී තිබුණි.