Lanka Focus News

ඉන්දීය අගමැතිගෙන් පොරොන්දුවක්

ඉන්දීය අගමැතිගෙන් පොරොන්දුවක්

සමීප මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර, ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

තමිල්නාඩු ප්‍රාන්ත අගනගරය වන චෙන්නායි හි සංවර්ධන ව්‍යාපෘතියක සමාරම්භක උත්සවයකට සහභාගී වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ එහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමුව තිබිණි.

ඉන්දීය අගමැතිවරයා පවසන්නේ දුෂ්කර කාලයක් පසු කරමින් සිටින ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවය.

“ශ්‍රී ලංකාව දුෂ්කර කාලයක් පසු කරමින් සිටිනවා. සමීප මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර, ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට කටයුතු කරනවා.”

බොහෝ ඉන්දීය සංවිධාන සහ පුද්ගලයින් ශ්‍රී ලංකාවට ආධාර එවා ඇති බව වැඩිදුරටත් සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකාවට ආර්ථික සහය ලබා දීම සඳහා ඉන්දියාව ජාත්‍යන්තර වේදිකාවලද හඬ නැගූ බවද පැවසීය.

“ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ දිගටම නැගී සිටින අතර ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාවරත්වයට සහ ආර්ථික ප්‍රකෘතියට සහාය වනු ඇති.”

අගමැතිවරයාට පෙර උත්සවය ඇමැතූ තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් පැවසුවේ දශක ගණනකට පෙර ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් කච්චතිව් දූපත නැවත පවරා ගැනීමට සුදුසුම කාලය එළඹ ඇති බවය.

කෙසේ වෙතත් අගමැති නරේන්ද්‍ර මෝදි එම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොතිබුණි.

administrator

Related Articles