Lanka Focus News

ඉන්දියාවේ සිදුවීමක් – ගර්භණී බිරිඳගේ උදරයට දෑකැත්තකින් පහරදුන් නරුම සැමියෙක්

ඉන්දියාවේ සිදුවීමක් – ගර්භණී බිරිඳගේ උදරයට දෑකැත්තකින් පහරදුන් නරුම සැමියෙක්

උතුරු ඉන්දියාවේ පුද්ගලයෙකු සිය ගර්භණී බිරිඳගේ උදරයට දෑකැත්තකින් පහර දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එහි දක්වෙන්න අදාළ පුද්ගලයා, ඉපදීමට සිටි දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය දැනගැනීම සඳහා එවැන්නක් කර ඇති බවය.

එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය සහ කාන්තාවගේ ඥාතීන් ඒ බව පවසයි.

දෑකැති පහර හේතුවෙන් බිළිඳා මියගොස් ඇති අතර රෝහල් ගතකර සිටින කාන්තාවගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

ඇය මේ වනවිට නවදිල්ලි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

මෙම සිදුවීම වාර්තාවන්නේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ බුදෝන් නම් ප්‍රදේශයෙනි. “ඔහු ඇයගේ උදරයට දෑකැත්තකින් පහරදුන්නා. ඔහු කිව්වේ ඉපදෙන්න ඉන්න දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය බලන්න ඕනේ කියලා,” කාන්තාවගේ සොයුරා වන ගෝලු සිං පැවසීය.

එම දෙපළට මේ වන විටත් ගැහැණු දරුවන් 5 දෙනෙක් සිටී. ඉපදීමට සිටි දරුවා ඇයගේ කුස තුළ මියගොස් ඇති අතර සැකකරු බන්ධනාගාරගත කර තිබේ.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares