කුරුලු උණ අවදානම හේතුවෙන් පක්ෂීන් ආනයනය තාවකාලිකව තහනම් කිරීමට ඉන්දියාවේ නවදිල්ලි බලධාරීන් පියවර ගෙන තිබේ.
එමෙන්ම නවදිල්ලියේ විශාලතම කුකුළු වෙළඳපොළක් ද වසාදැමීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දින 4 ක් ඇතුළත පක්ෂීන් 200 ක් පමණ මියගොස් තිබුණි.
කපුටන් සහ තාරාවන් ඇතුළු පක්ෂීන් විශේෂ කිහිපයකගේම සිරුරු ඒ අතර තිබූ බව සඳහන් වේ.
මියගිය සතුන්ගෙන් ලබාගත් සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර ඇතැයි නවදිල්ලි ප්‍රධාන ඇමති අරවින්ද්‍ර කේජ්රිවාල් සඳහන් කර ඇත.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන් සහ කේරළ ප්‍රාන්තවලත් ඒවියන් ඉන්ෆ්ලුවන්සා හෙවත් කුරුලු උණ අවධානම මතුවී ඇති බව සඳහන් වේ.
කුරුලු උණ රෝගයට හේතුවන වෛරසය ශත වර්ෂ කිහිපයක සිට ලොව පුරා සංසරණය වෙමින් පවතී.
ඉන්දියාවේ පළමුවරට කුරුලු උණ වසංගතය පැතිර ගියේ 2006 වර්ෂයේදීය.
කෙසේවෙතත් එරට පුද්ගලයන් කිසිවෙකුටත් එම වෛරසය ආසාදනය වී නොමැත.