Lanka Focus News

ඉන්දියාවට සහ බංග්ලාදේශයට ගංවතුරෙන් දැඩි බලපෑම්

ඉන්දියාවට සහ බංග්ලාදේශයට ගංවතුරෙන් දැඩි බලපෑම්

ඉන්දියාවට සහ බංග්ලාදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් තිබේ.

අකුණු වැදීම් සහ නායයෑම් හේතුවෙන් එම මරණ වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම දින කිහිපයක් පුරා ඇද හැලෙන අධික වාර්ෂාව හේතුවෙන් මිලියනයකට අධික ජනතාව අවතැන් ව සිටිති.

ඇතැම් ප්‍රදේශවල පාසල් සහ ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා විය.

කෙසේවෙතත් ඉදිරියේ දී තවදුරටත් වර්ෂාපතනය වැඩිවීමක් අපේක්ෂා කරන බව දෙරටේ කාලගුණ අංශ දැනුම් දී තිබේ.

administrator

Related Articles