Lanka Focus News

ඉන්දියාවට එරෙහිව ඇමරිකානු සම්බාධක පැනවෙයිද?

ඉන්දියාවට එරෙහිව ඇමරිකානු සම්බාධක පැනවෙයිද?

ඉන්දියාව රැසියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5.43 ක් වටිනා ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතියක් මිලදී ගැනීම හරහා ආර්ථික සම්බාධක පැනවීමේ අවදානමක් මතුවීම සම්බන්ධයෙන් ඇමරිකාව විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඒ ඉන්දියාවේ ඇමරිකානු තානාපති කෙනෙත් ජස්ටර් විසිනි.

නවදිල්ලියේ පැවති මාධ්‍ය හමුවකදී ඉන්දීය මාධ්‍යවේදියෙකු ඇමරිකානු තානාපතිවරයාගෙන් විමසා ඇත්තේ රැසියාවෙන් ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතියක් මිලදී ගැනීම හේතුවෙන් තුර්කියට සම්බාධක පැනවූ අන්දමට ඉන්දියාවටද ඇමරිකානු සම්බාධක පනවනු ඇතිද යන්නයි.

එහිදී තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සම්බාධක හරහා සතුරැ පාර්ශ්වයන් නියාමනය කිරීමෙි ඇමරිකානු නීති යොදාගන්නේ මිතුරැ රටවල් වෙත හානි කිරීමට නොවන බවටයි.

ඉන්දියාවට තම ආරක්ෂාවට අවශ්‍ය දේ මිලදී ගැනීමට පූර්ණ ස්වාධීන අයිතියක් ඇති බව පිලිගන්න බව තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත්, තම තාක්ෂණික කරැණුවල ආරක්ෂාවට අදාළව කටයුතු කිරීමට අවශ්‍ය වුවහොත් ඊට අදාළව තීරණ ගත යුතු බවද ඔහු මෙහිදී සදහන් කර ඇත.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares