Lanka Focus News

ඉදිරි දින තුනේ විදුලි කප්පාදුව මෙහෙමයි

ඉදිරි දින තුනේ විදුලි කප්පාදුව මෙහෙමයි

ඉදිරි දින 3ක විදුලි කප්පාදුව සිදුකිරීමට අදාළව විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබාදී තිබේ.

ඒ අනුව අද (24) දහවල් 12ත් රාත්‍රී 10ත් අතර කාලය අතරතුර පැය 2යි මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර තිබේ.

(25) දිනයේදී පෙරවරු 9.30ත් රාත්‍රී 10ත් අතර කාලය අතරතුර පැය 2යි මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

ඉරිදා දිනයක් වන 26 වනදා පැය 2ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන අතර දහවල් 2ත් රාත්‍රී 10ත් අතරතුර අදාළ විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

administrator

Related Articles