ඉදිරියේදී යුක්රේන ජාතිකයින්ට පමණක් නොව අනිකුත් රටවල සංචාකරයින්ටද මෙරටට ඇතුළුවීම සඳහා අවශ්‍ය සෞඛ්‍යරක්ෂිත වැඩ පිළිවෙළක් සකස් කරනබව පරිසර අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (09) බලන්ගොඩ මොළමුර විහාරස්ථානයේ පැවැති සාකච්ඡාවකට එක් වීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කිය. ‘යුක්රේන ජාතිකයින් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් යම් යම් අඩුපාඩු තිබුණා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාද කරුණු පැහැදිලි කළා. අපිට හැමදාම මේ රට වහගෙන ඉන්න බැහැ. අපි ඒ අඩුපාඩු හඳුනාගෙන ඒවාට විසඳුම ලබාදෙන ගමන් සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවන්න. අපි නිවැරැදි වැඩ පිළිවෙළක් ආරම්භ කරගෙන යනවා.‘ යැයි සඳහන් කළේය.