Lanka Focus News

ඇස්ට්‍රාසෙනිකා එන්නත් සම්බන්ධයෙන් ජපානයෙන් ජනපති ට යහපත් ප්‍රතිචාර

ඇස්ට්‍රාසෙනිකා එන්නත් සම්බන්ධයෙන් ජපානයෙන් ජනපති ට යහපත් ප්‍රතිචාර

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබා ගැනිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අග්‍රාමාත්‍යයාවරයාගෙන් සිදුකළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අතර අද (09) පෙරවරුවේ පැවැති හමුවේදී මේ බව සඳහන් වූ බවය.

කොවිඩ් මර්දන වෛද්‍ය හා සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ලබාගැනිමට ජනාධිපතිවරයා සිදුකළ ඉල්ලීමට ද ජපාන රජයේ එකඟතාව පළ වී ඇති බව සඳහන් වේ.

මීට අමතරව සමුද්‍රීය අනතුරු පිළිබඳව කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාගැනීම කෙරෙහි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සාකච්ඡාවේදී ජපාන තානාපතිවරයාගේ අවධානයට යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

administrator

    Related Articles

    Close
    shares