Lanka Focus News

ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනපති යටතට

ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනපති යටතට

ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදයක් නිකුත් කරමින් පවසයි.

මේ අතර මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා ඊයේ  (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුනි.

21 වන සියවස දැනුම් කේන්ද්‍රීය ශත වර්ෂය ලෙස සැලකේ. එය යථාර්ථයක් කරනු වස්  “තාක්ෂණය මත පදනම් වන සමාජයක්” බිහිකිරීම “සෞභග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ අරමුණ බවද ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

“කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා යන සියලු ක්ෂේත්‍ර අනාගතයේ දී තාක්ෂණය මත යැපෙන ආර්ථික අංශ බවට පත් වේ. 21වන සියවසේදී නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන, ආර්ථික අංශ සමග බද්ධ කිරීමට රජය අපේක්ෂා කරයි.”

රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළෙඳපොළ ක්‍රියාවලිය සරළ කිරීම, දැනුම හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම නව තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවක් බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ජාත්‍යන්තර විද්‍යුත් ගෙවීම් ක්‍රම ස්ථාපනය, රට පුරා විහිදුණු අධිවේගි දත්ත හුවමාරු පද්ධතියක් හා ආශ්‍රිත ජංගම ජාල පද්ධතියක් ස්ථාපනය නව අමාත්‍යාංශයේ විෂයය පථයට අයත්ය.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares