Lanka Focus News

ආණ්ඩුවේ උත්සාහයක් ගැන මන්ත්‍රී හේෂා ගෙන් අනාවරණයක්

ආණ්ඩුවේ උත්සාහයක් ගැන මන්ත්‍රී හේෂා ගෙන් අනාවරණයක්

රට තුළ මේ වනවිට මතුවී තිබෙන ගැටලු වසා ගැනීමට ආණ්ඩුව ජනතාවගේ අවධානය වෙනත් දිශාවකට යොමුකරමින් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් ආණ්ඩුව රන්ජන් රාමනායක මහතාගේ සිද්ධිය මතුකරමින් ඇති බවය.

“මේ රටේ ජනතාවගේ අවධානය වෙනත් දිශාවකට අරන් යන්න උත්සාහ කරමින් ඉන්නවා. රටේ තියෙනවා මහා විශාල ගැටලු ටිකක්. මිනිස්සුන්ට අවුරුදු සමරන්න නෙමෙයි තුන්වේල කන්න බැරි ගැටලුව වහගන්න වෙන මාතෘකාවකට ආණ්ඩුව රන්ජන් රාමනායකගේ සිද්ධිය ගෙනියන්න උත්සාහ කරනවා. නැත්නම් හිටි හැටියේම රන්ජන් ගැන මහා විශාල අනුකම්පාවක් පහළවීමට ආණ්ඩුවට හේතුවක් නෑ. ආණ්ඩුව මේ වනවිට සමාජය තුළ අප්‍රසාදයට පත්වෙලා තියෙන එකට යම් ශක්තියක් ගන්න රන්ජන් ගැන අනුකම්පාවක් පළ කරනවා.”

administrator

    Related Articles

    Close
    shares