Lanka Focus News

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් වෙන්කර ගන්නැයි ඉල්ලීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් වෙන්කර ගන්නැයි ඉල්ලීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය දෛනික රාජකාරි සිදුකරන ආකාරය පිළිබඳව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඇඳිරීනීතිය පැනවීමේ නිවේදනයන්ට යටත්වන පරිදි සේවාවන් කිහිපයක් සඳහා 2020.10.19 සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල මහජනතාව සඳහා විවෘතව තබන බව එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව නැවත දැනුම් දෙනතුරු පහත සඳහන් සේවා ලබා ගැනීම සඳහා, පහත දක්වා ඇති ක්‍රමවේදය ඔස්සේ දින වෙන් කරගැනීමක් සිදුකර අදාළ කාර්යාලයට පැමිණිය යුතු බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර ආගමන හා විගමන දෙපාර්මේන්තු මගින් ලබාගත යුතු සේවාවන් ලබාගැනීම සඳහා පැමිණීමේදී හැකි සෑමවිටම මෙම නිවේදනයේ දක්වා ඇති දුරකථන අංක මගින් උපදෙස් ලබාගෙන අදාළ ප්‍රදේශීය කාර්යාල මගින් සේවා ලබාගැනීමට කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා විසින් නිකුත්කළ නිවේදන පහතින් දැක්වේ.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares