කොවිඩ් පොකුරු මතුවීමට හේතුව අහඹු සමාජ නියැදි පරීක්ෂාව නිවරැදිව සිදු නොවීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ සමාජයෙන් අහඹු නියැදි පරීක්ෂාව සිදුකළේ නම් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු මුලින්ම හඳුනාගැනීමට හැකියාව තිබුණු බවය.
එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, “අහඹු සමාජ නියැදි පරීක්ෂාව හරියට සිද්ධවෙච්ච නැති නිසා තමයි එකපාරටම තැන් තැන්වලින් පොකුරු මතු වෙන්නේ. රටක් විදිහට අහඹු නියැදිවලට අපි ගිහිල්ලා තිබුණ නම් මිනුවන්ගොඩ පොකුර දහස් ගාණකට ව්‍යාප්ත වෙනකම් යන්නෑ නේ. වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂකවරයා ඊයේ කරපු ප්‍රකාශ හරහා අපිට පේන්න තියෙන දේ තමයි එතුමා තාම පිළිගන්නේ නෑ සමාජ නියැදි කරන්න ඕනැයි කියන එක. ඉලක්කය ගන්නේ නැතුව හතර අතේ වෙඩි තියන්න කියලා අපි කියන්නෙත් නෑ. ඉලක්කයක් තියෙන්න ඕනේ. ඒ නිසා අපි යෝජනා කරන්නේ මේ වගේ ප්‍රකාශ නිකුත් කර කර ඉන්නවාට වඩා මේ සඳහා ක්‍රමවේදයක් හදලා රටට ඉදිරිපත් කරන්න. ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න අපි අහඹු නියැදිවලට යන්නේ කොහොමද කියලා. අඩුම තරමේ මේ මොහොතෙදිවත් සමාජ නියැදි කරන්න ඕනේ කියන එක පිළිගන්න. ඒක පිළිගන්නා තාක්කල් අපිට අනාගතයේදී නැවත පෑලියගොඩ පොකුරක් මතුවෙන එක, මිනුවන්ගොඩ වගේ පොකුරක් මතුවෙන එක, අනුරාධපුරයෙන් මතුවෙන එක, එහෙම නැත්නම් කුරුණෑගලින් මතුවෙන එක වළක්වන්න බෑ.” යනුවෙනි.