කොළඹ ජනාධිපති කාර්යාලය අසල උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණි.
ඒ ඊයේ (19) මධ්‍යම රාත්‍රී අරගලකරුවන් පිරිසක් ජනාධිපති කාර්යාලයේ ගේට්ටු ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරීමත් සමගය.
එම අවස්ථාව සඳහා දහසක පමණ අරගලකරුවන් පිරිසක් එක්ව සිටි බව වාර්තා වෙයි.
කෙසේවෙතත් මේ වනවිට හමුදා භට පිරිස් යොදවා ජනාධිපති කාර්යාලයේ ආරක්ෂාව තරකිරීමට ද පියවර ගෙන තිබේ.
මේ අතර විරෝධතාකරුවන් පවසන්නේ අද (20) දිනයේ සිට අරගලයේ දෙවන අදියර ආරම්භ කරන බවය.