අමෙරිකාවේ ගත වූ පැය 24 තුළ වාර්තාගත කොවිඩ්-19 ආසාදිතයින් සහ මරණ ගණනක් සිදුවී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, අදාළ කාලය තුළ එරට කොවිඩ් මරණ 3,936ක් සිදුවී ඇති අතර හඳුනාගෙන ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 250,000 ඉක්මවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ වන විට අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකින් වාර්තාගත කොවිඩ්-19 ආසාදිතයින් ගණනක් හඳුනා ගෙන ඇති අතර වැඩිම බලපෑමට ලක් ව ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තය වේ.
ලොස් ඇන්ජලීස් නගරයේ දෛනික කොවිඩ් මරණ ගණන මේ වනවිට 1,000කට ආසන්න වන බව ද බලධාරින් පැවසීය.