Lanka Focus News

අමෙරිකාවේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් ළමුන් 18ක් මරුට

අමෙරිකාවේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් ළමුන් 18ක් මරුට

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් ළමුන් 18 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු මියගොස් තිබේ.

උවාල්ඩ් හි රොබ් ප්‍රාථමික පාසලේ අදාළ වෙඩිතැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියගිය ළමුන් අවුරුදු 07ත් 10ත් අතර වයසේ පසුවන්නන් බව වාර්තා වේ.

සැල්වදෝර් රමෝස් නමැති 18 හැවිරිදි තරුණයෙකු විසින් වෙඩිතැබීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් වෙඩි තැබීම සිදුකළ සැකකරු වෙඩි වැදී මියගොස් ඇති බව වාර්තා වේ.

නිලධාරීන් විසින් එම සැකකරු ඝාතනය කර ඇති බවට විශ්වාස කෙරෙන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

administrator

Related Articles