Lanka Focus News

අමෙරිකාවේ කොවිඩ් නීති ලිහිල් කරයි

අමෙරිකාවේ කොවිඩ් නීති ලිහිල් කරයි

අමෙරිකාවේ කොවිඩ්-19 නීති තවදුරටත් ලිහිල්කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව ඉරිදා දින සිට බලපැවැත්වෙන පරිදි එම නීති ලිහිල් කරන බව එරට රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මීට පෙර, වෙනත් රටක සිට පැමිණෙන පුද්ගලයින්ට අමෙරිකාවට ඇතුළුවීමට පෙර කොවිඩ්-19 පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කර තිබුණි.

කෙසේවෙතත් කොවිඩ් වෛරසයට එරෙහි සටනේදී රට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සලකා බලා එම නීතිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බව එරට රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කර තිබුණි.

administrator

Related Articles