Lanka Focus News

අමරකීර්ති ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

අමරකීර්ති ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිට්ටඹුව ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අද (23) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 32කු අත්අඩංගුවට ගෙන තිබේ.

administrator

Related Articles