Lanka Focus News

අපි සූදානම් වගකීම භාරගන්න -සජිත්

අපි සූදානම් වගකීම භාරගන්න -සජිත්

කඩා වැටී ඇති රට වසර 5ක් තුළ ගොඩගැනීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,

“තුනෙන් දෙකේ පොහොට්ටු ආණ්ඩුව වසර දෙකහමාරක් තුළ රට විනාශ කරලා හමාරයි. හොඳට තිබුණු රට සම්පූර්ණයෙන් විනාශ කරලා. හැබැයි 2019 දී කිව්වේ හොඳට තිබුණ රටක් අපි වැටිච්ච තැනක් කියලා කිව්වේ. කොහෙටවත් වැටුණේ නැහැ. හොඳ මට්ටමේ තිබුණේ. රාජපක්ෂ ආණ්ඩුව රට බිංදුවටම බස්සලා තියෙන්නේ. අපි සූදානම් වගකීම් භාරගන්න. මම බොරු කියන්නේ නැහැ. මේ කඩා වැටුණු ගාරා වැටුණු දේශය වසර 5ක් ඇතුළත ගොඩගන්නවා.”

administrator

Related Articles