Lanka Focus News

අපි වැක්සින් එක දුන්නා වගේ ඔයාලා කොහොම හරි සීට් එක අරන් දෙන්න -ඇමති බැසිල්

අපි වැක්සින් එක දුන්නා වගේ ඔයාලා කොහොම හරි සීට් එක අරන් දෙන්න -ඇමති බැසිල්

රැකියාවල නිරත වීමේ අරමුණින් විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින්ගේ ගැටලු හඳුනාගෙන ඒ සඳහා කඩිනම් විසදුම් ලබාදීමට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

පසුගියදා අරලියගහ මන්දිරයේ පැවැති විදේශ විනිමය ප්‍රවාහ කාර්ය සාධක බළකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා විසින් එම උපදෙස් ලබාදුන් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

විදේශ රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන්ට වැඩි ඉල්ලුමක් මේ වන විට ලැබී ඇති බැවින් ඊට යොමු වීම සඳහා යම් බාධාවන් ඇත්නම් ඒවා හැකි ඉක්මණින් ඉවත් කිරීමේ අවශ්‍යතාවය අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබේ.

ඒ අනුව දැනට විදෙස්ගත වීමට අපේක්ෂිත පිරිසට ගුවන් යානා ආසන පහසුකම් හිඟවීම පිළිබඳව පවතින ගැටලුව සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති අතර මෙරට ගුවන් සමාගම මෙන්ම අවශ්‍යතාවය පරිදි විදෙස් ගුවන් සමාගම් ද යොදා ගනිමින් අදාළ ගැටලුව විසදීමට පියවර ගන්නා ලෙස බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දුන්නේය.

එම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“යන්න ඉන්නවානම් විදේශ රැකියාවක් සඳහා අපි වැක්සින් එක අරන් දුන්නා වගේ ඔයාලා කොහොමහරි කරලා මේ කට්ටියට සීට් එකක් අරන් දෙන්න. ඉල්ලන ප්‍රමාණය කොහොමහරි සීට් හොයලා දෙන්නකෝ. කොයි ෆ්ලයිට් එකෙන් ගියත් අපිට කමක් නෑ.”

administrator

    Related Articles

    Close
    shares