මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් හත් දෙනෙකුට එරෙහිව මීගමුව මහාධිකරණය හමුවේ කරුණු 90ක් යටතේ ඊයේ (11) අධිචෝදනා ගොනු කෙරුණි.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට අනීතික අයුරින් පහසුකම් සැපයීම යන චෝදනාව මත එම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.
අධි චෝදනා ගොනු කිරීමෙන් පසු විනිසුරු එන්. එස්. හපුආරච්චි මහතා විසින් සැකකරුවන් හත්දෙනා රුපියල් ලක්ෂ 5බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප මත මුඳාහැරීමට නියෝග කෙරුණි.