Lanka Focus News

අග්‍රාමාත්‍යවරයාට කිසිදු සැලසුමක් නෑ – ෆොන්සේකා

අග්‍රාමාත්‍යවරයාට කිසිදු සැලසුමක් නෑ – ෆොන්සේකා

රට පවතින තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍යවරයාට කිසිදු සැලසුමක් නොමැති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද (15) ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, සදාකාලිකව ම ආණ්ඩුව ජනතාව රවට්ටමින් සිටින බවය.

ප්‍රශ්නය – ඔබතුමා කැමති නැද්ද අගමැතිතුමාගේ ආණ්ඩුවේ ඇමතිකමක් අරන්, විශේෂයෙන් පොලිස් ඇමතිකම වගේ අරගෙන දුෂිතයින්ට දඬුවම් දෙන්න ?

“මට ඉතින් පොලිස් ඇමතිකම ගත්තොත් ඉස්සෙල්ලාම මේ ආණ්ඩුවේ ඉන්න ඔක්කොම අය හිරේ දාන්න වෙනවා. ඒකයි ප්‍රශ්නය. නමුත් මට අගමැතිධූරට ගන්න කිව්වානේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට කලින්. එතකොට මට යම් යම් කොන්දේසිම නෙමෙයි. යම් යම් කෙරිය යුතු වැඩපිළිවෙලක් ගැන කතා කළා. ඒ වැඩපිළිවෙලට එකඟ වුණේ නෑ ජනාධිපති. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගන්න කිව්වා එයා පැනලා ගත්තා. එයා ඉතින් නිකන් ඉන්නවා දැන් අරගනෙ.”

administrator

Related Articles