Lanka Focus News

අගමැති සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සාකච්ඡා කළ කරුණු

අගමැති සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සාකච්ඡා කළ කරුණු

ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පවත්වා තිබුණි.

ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී එම රැස්වීම පැවැත්වුණි.

කොවිඩ් -19 වසංගතය හමුවේ රජයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම, 2021 අයවැය යෝජනාවලිය ඉදිරිපත්කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම්පත් එලෙස ඉදිරිපත්කිරීමට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත්කිරීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව මෙහීදී මූලික අවධානය යොමුව තිබේ.

යුගදනවි බලාගාරය ක්‍රියාත්මකවීමෙන් විදුලි පාරිභෝගිකයන්ට ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

පක්ෂ නායකයින්ගේ අදහස් හා යෝජනා සහිතව පැය දෙකකට ආසන්න කාලයක් පැවති රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේ,

“ජනාධිපතිතුමා පැමිණි පසුවත් සාකච්ඡා කරන්න සූදානමින් ඉන්නවා. මොකද අපි දරන මතයත් වෙනත් අය දරන මතයත් අතර වෙනස්කම් තියෙන නිසා. ඒ නිසා අපි පක්ෂ නායකයින් 10ක් හෝ 11ක් අත්සන් කරලා ජනාධිපතිතුමාට ලිපියක් භාරදෙන්න නියමිතව තිබෙනවා. මේ පැවැති සාකච්ඡාවේදී අගමැතිතුමා මධ්‍යස්ථව කටයුතු කළේ. අපි හිතනවා මුදල් ඇමතිතුමා අපි ඉදිරිපත් කරපු කරුණු ගැන විශේෂ සැලකිල්ලක් යොමු කරයි කියලා.”

administrator

    Related Articles

    Close
    shares