රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යධුරය භාරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.
ඇය පෙන්වා දෙන්නේ, නව අගමැතිවරයා සමග කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවය.
සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ඒ ඔස්සේ අර්බුද විසඳා රට ස්ථාවර කිරීම ඔහුගේ පළමු පියවරයන් වේයැයි අපේක්ෂා කරන බවද ඇය සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුවන ගනුදෙනු යථාවාදී ලෙස සිදුකර ලාංකිකයන් මුහුණදී සිටින ගැටලුවලට විසඳුම් ලබාදේ යැයි බලාපොරොත්තු වන බවද ජූලි චන්ග් මහත්මිය සිය ට්විටර් පණිවුඩයෙන් පෙන්වා දී තිබේ.