Lanka Focus News

අංගොඩ ලොක්කාගේ මරණයට හේතුව හෙළිවේ

අංගොඩ ලොක්කාගේ මරණයට හේතුව හෙළිවේ

ඉන්දියාවේ දී මියගිය බව පැවසෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මද්දුමගේ ලසන්ත පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා“ගේ මරණය විෂ ශරීර ගතවීමක් හෝ සැකකටයුතු හේතුවක් මත සිදුවුවක් නොවන බවට අනාවරණය වී තිබේ.

ඉන්දීය මධ්‍යම අපරාධ කාර්යාංශය සඳහන් කර ඇත්තේ, එම මරණය හෘදයා බාධයක් හේතුවෙන් සිදුවුවක් බවට සිදුකළ පරික්ෂණවලදී අනාවරණය වී ඇති බවය.

පසුගිය ජුනි මස 03 වනදා කොයිම්බර්තූර්හි රෝහලක දී මියගිය බවට වාර්තා වු අංගොඩ ලොක්කාගේ මරණය විෂ ශරීරගත වීමකින් සිදුවූවක් බවට විවිධ වාර්තා පලවී තිබුණි.

කෙසේවෙතත් සිදුකළ පරික්ෂණවල දී එම මරණය ස්වභාවික හේතුවක් මත සිදුවූවක් බවට නියමනය කළ හැකි බව ඉන්දීය මධ්‍යම අපරාධ කාර්යාංශය සඳහන් කර ඇත.

මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගොඩ ලොක්කා“ ඉන්දියාවට පලාගොස් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් “ප්‍රදීප් සිං“ යන නමින් වසර දෙකක පමණ කාලයක් පෙනී සිට ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේවෙතත් “අංගොඩ ලොක්කා“ ඉන්දියාවේ දී මියගොස් ඇති බවට මෙරට ආරක්ෂක අංශ විසින් මෙතෙක් සනාථ කර නැහැ.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares